ගල්කිස්ස පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) රාත්‍රී කාලයේදී ගල්කිස්ස, ඕඩියන් ප්‍රදේශයේදී, අවුරුදු 33 ක් වූ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.