2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:18
නවතම පුවත්

ගමන් බලපත්‍ර දින දහයකින්, දවසේ පැය 24 පුරාම?

පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවයි.

ඒ අනුව අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද ඊයේ (7) පවත්වා ඇති අතර මේ සදහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් විය.

අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට දැනට පැනනැගි ඇති අර්බුදයට පිළියම් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීම හා යාපනයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත. කෙසේවෙතත් විදෙස් ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද උපදෙස් ලබා දුන් බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories