ගන්දර තලල්ල ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් මේ වන විට ප්රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබේ.
තුවාල ලැබූවන් අතර විදෙස් ජාතිකයෙකුද වන බව සඳහන් වේ.
පොලීසිය පැවසුවේ කාන්තාවන් 30 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර සිට තංගල්ල දෙසට ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක් සහ ඇඹිලිපිටියේ සිට මාතර දෙසට ධාවනය වු මගී ප්රවාහන බස් රථයක් වේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්රියාත්මකයි.