2025 අගෝස්තු 15 සිකුරාදා, 22:45
නවතම පුවත්

ගණන් වැඩි නිසා සිගරට් අලෙවිය පහළට

මේ වසරේ තුන්වැනි කාර්තුවේදී මෙරට සිගරට් අලෙවිය පහළ ගොස් තිබේ.සිගරට් අලෙවියේ ප්‍රධාන ස්ථානය හිමිකර ගන්නා දුම්කොළ සමාගමට, වෙළඳ පොළට හොර රහසේ එන සිගරට් සමග මෙන්ම බදු සහ ඉහළ මිල ගණන් සමඟ අරගල කිරීමට සිදුව තිබීම ඊට හේතුවයි.ලංකා දුම්කොළ සමාගමේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශනවලට අනුව, සැප්තැම්බර් 30න් අවසන් වූ මාස තුන තුළ සමාගමේ විකුණුම් පරිමාව පසුගිය වසරේ එම කාලයට වඩා අඩු වී තිබේ.

දුම්කොළ සමාගම විසින් 2023 වසරේ එම කාලය තුළ සිගරට් කූරු බිලියන 1.74ට සාපේක්ෂව 2024 පළමු මාස ​​නවය තුළ සිගරට් කූරු බිලියන 1.39ක පරිමාවක් අලෙවි කර ඇත.“පසුගිය වසර දෙක තුළ සුරාබදු සහ අනෙකුත් බදු ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පරිමාවේ පහත වැටීම සිදුවේ” යනුවෙන් දුම්කොළ සමාගම සිය මූල්‍ය ප්‍රකාශනයේ සඳහන් කරයි.එපමණක් නොව, මිල වැඩිවීම අධික වීම හේතුවෙන් 2024 දී වෙළඳපොලේ නීතිවිරෝධී හෝ හොර දුම්වැටි සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එහි සඳහන් වේ.

එබැවින් සමස්ත පිරිවැටුමේ පාඩුව අර්ධ වශයෙන් අවම කර දුම්කොළ කොළ අපනයනය කිරීමට සමාගම පියවර ගෙන ඇත.2023 වසරේ රුපියල් බිලියන146.6ට සාපේක්ෂව 2024 මුල් මාස නවයේ පිරිවැටුම රුපියල් බිලියන 148.3ක් වී තිබේ.

2024 වසරේ එම කාලය තුළ අමුද්‍රව්‍ය පිරිවැය වූ රුපියල් බිලියන 2.48ට සාපේක්ෂව 2024 තුන්වැනි කාර්තුව අවසන් වන විට එම පිරිවැය රුපියල් බිලියන 2.89 දක්වා ඉහළ ගොස් ඇති බැවින් උද්ධමනය විසින් මෙහෙයවනු ලබන අමුද්‍රව්‍ය පිරිවැය ඉහළයෑම සමාගමේ පිරිවැය පදනමට අහිතකර ලෙස බලපාන බව දුම්කොළ සමාගම පවසයි.කෙසේ වෙතත්, සැප්තැම්බර් 30න් අවසන් මාස තුන සඳහා සමාගමේ පෙර බදු ලාභය රුපියල් බිලියන 12.9ක් වූ අතර එම කාලය සඳහා බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.7ක් වී ඇත

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories