2026 මාර්තු 18 බදාදා, 04:22
නවතම පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පස්වල ප්‍රශ්නයක්

කොළඹ වරායේ විශාලතම බහාලුම් මෙහෙයුම් පර්යන්තය වන කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ඉදිකිරීමේ කටයුතු
පස්වල ප්‍රමිතිය පිළිබඳ අනපේක්ෂිත ගැටලුවක් මතුවීම නිසා ප්‍රමාදයකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර තහවුරු කර ඇත්තේ එම ස්ථානයේ පස් මුලින් අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම නිසා ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට හේතු වූ බවයි.

කලින් වගුරු බිමක් වූ මෙම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යෑමට පෙර සැළකි යුතු අයුරින් බිම් සැකසීමක් අවශ්‍ය වී තිබේ.“පහළ පාංශු ස්ථර ස්ථාවර කිරීමට අපි රොන්මඩ තැන්පත් කළා. ඊට පස්සේ රොන්මඩ තැන්පත් වෙන්න වැලි තට්ටුවක් දැම්මා.” යනුවෙන් හේමචන්ද්‍ර පැහැදිලි කර තිබේ..මේ වන විට එම දෝෂය නිරාකරණය වී ඇති බවත්, භූමියේ තත්ත්වය ස්ථාවර වී ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යෑමට ඉඩ සැලසී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත්, පාංශු ස්ථායීකරණ ක්‍රියාවලිය නිසා ඇති වූ ප්‍රමාදයන් ව්‍යාපෘතිය නිමකිරීමට අපේක්ෂිත දිනය තවදුරටත් පමා වී තිබේ.ප්‍රවාහන අමාත්‍යාංශයේ නවතම මාධ්‍ය නිවේදනයකට අනුව, මුලින් 2025 වන විට අවසන් කිරීමට නියමිතව තිබූ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීම 2026 නොවැම්බර් 15 වැනි දිනට පසුව සිදුවනු ඇතැයි දැන් ගණන් බලා ඇත.

අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ එම භූමියේ වත්මන් අභියෝග විසඳීම මත කාලසීමාව රඳා පවතින බවයි.ඉදිකිරීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති විජිත හේරත් මැදිහත් වී 2025 ජුනි 30 වන දිනට කලින් පැවති නිම කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව, ඉදිකිරීම් සහ උපකරණ යන දෙකම ආවරණය වන පරිදි ඩොලර් මිලියන 750ක් පමණ වැය කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘතිය සඳහා බදු මත 20%ක අඩු කිරීමක් ලබා දෙමින් රජය විශේෂ බදු සහන පියවරක් ද අනුමත කර ඇත.පසුබෑම් තිබියදීත්, ව්‍යාපෘතියේ දිගුකාලීන බලපෑම පිළිබඳ නිලධාරීන් සිටින්නේ ශුභවාදීව පසුබිමකයි.

නැගෙනහිර බහාලුම් පර්යන්තය අවසන් කිරීම යටතේ කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම මගින් අන්තර්ජාතික සමුද්‍ර වෙළඳාමේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සහ රටට සැළකිව යුතු ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම අපේක්ෂා කරයි.ඉදිකිරීම් ප්‍රගතියත් සමඟ, බටහිර බහාලුම් පර්යන්තයේ (WCT) මෙහෙයුම් 2025 පෙබරවාරි වන විට අර්ධ වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

(The Sunday Morning)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories