පාසල් ක්‍රිකට් තරඟ මාලාවේ තවත් සුවිශේෂී තරඟයක් වන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය අතර වාර්ෂික ‘නිල් සටන’ අද (06) ආරම්භ වේ.
ලොව දෙවන පැරණිතම පාසල් ක්‍රිකට් තරඟය වන සාම්ප්‍රදායික කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් තරඟයේ 146 වන සංස්කරණය මෙම වසරේ පැවැත්වේ.
මෙම තරඟය 1879 දී ආරම්භ වූ අතර එය ලොව පුරා වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වෙන එකම ආවර්තිතා පාසල් ක්‍රිකට් තරඟය වීම සුවිශේෂී වේ.
මෙම තරඟය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ සඳහා පැවැත්වෙන අතර රාජකීයයන් එය 36 වතාවක් ජයග්‍රහණය කර ඇත.
ශාන්ත තෝමස් විද්‍යාලය එය 35 වතාවක් ජයග්‍රහණය කර ඇත.
අද (06), හෙට (07) සහ අනිද්දා (08) තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.