කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස (ජුනි) 2 වැනිදා පැවැත්වීමට නියමිතය. කිසිදු තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති හෙයින් මෙම ඡන්ද විමසීම පැවැත්වීමට සිදු වී ඇත.
මෙම ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වනු ලැබේ.
මෙම ඡන්ද විමසීමේදී සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයා නගරාධිපතිවරයා බවට පත් වේ. පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.