අද (ජූලි 6) අලුයම කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ ඔවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී බවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් සදහන් වේ.කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.