කොත්මලේ වතු නිවාස පේළියක අද (25) දහවල් හටගත් ගින්නකින් වතු නිවාස 04 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.
කොත්මලේ, පූඩළුඔය, ඩන්සින්න වත්ත මැද කොටසේ පිහිටි නිවාස පෙළක මෙම ගින්න හටගෙන ඇත.
විදුලි කාන්දුවීමක් නිසා මෙම ගින්න ඇතිව තිබෙන බවට සැකකරන අතර නිවාස පේළියේ වතු නිවාස 20 ක් ඇති අතර එක් නිවසකින් ඇවිලුණු ගින්න පසුව සෙසු නිවාසවලට පැතිරගොස් ඇති බව පූඩළුඔය පොලිසිය පවසයි.
වතු කම්කරුවන් එක්වී සෙවිලි තහඩු සහ වහළ ගලවා පැතිර යමින් තිබූ ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.
මේවන විට ගිනිගත් නිවාස 04 හි නිවැසියන් 30 දෙනෙකු පමණ එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කර ඇත.