2025 ජූනි 03 අඟහරුවාදා, 05:01
නවතම පුවත්

කොටහේනේ සිසුවියට යුක්තිය ඉටුවෙයිද?

කොටහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් ගුරුවරයකු විසින් අපයෝජනය කිරීමෙන් අනතුරුව මානසික පීඩනය නිසා ඇය සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඊයේ (මැයි 08) කොළඹ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්විණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවධානය යොමුවූ අතර එහිදී ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් ඊට දී තිබුණේ මෙවැනි පිළිතුරකි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අවධානය යොමුවිය.

සමගි ජන බලවේගය පා.ම. මනෝ ගනේෂන්,

“මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර්ව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා.

සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා.

අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා”.

ඊට පිළිතුරු දුන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්,

“මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් jmo රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා.

පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා”.

ඊට ප්‍රතිචාර දැක් වූ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා,

“මම මේ ඇමතිතුමියගෙන් මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ වගේ වෙලාවක එයාව ඇවිත් මුණගැහුණේ නෑ කියලා විහිළු සපයන්න එපා”.

අමාත්‍ය සරෝජා පෝල්රාජ්,

“උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. හැබැයි මේකට නීත්‍යානුකූලවම තමා යන්න ඕන.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories