2026 මාර්තු 20 සිකුරාදා, 13:06
නවතම පුවත්

කොටහේනේ සිදු වූ වෙඩි තැබීම ගැන සියල්ල අනාවරණය වෙයි

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (12) සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පොලිස් මාධ්‍ය අංශය විසින් දැනුම් දී තිබේ.

පොලීසිය අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. අදාළ මෝටර් රථය සැකකරු විසින් කොල්ලකා පලා යමින් තිබූ එකක් බව අනාවරණය වී තිබේ.

ඊයේ රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේදී තම ගැබිණි බිරිඳ හා මව සමඟ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෝටර් රථයේ එන්ජිම පණගන්වා තිබියදී ද ආහාර මිලදී ගැනීම සඳහා මෝටර් රථයෙන් බැස කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත ගොස් ඇත.

එම අවස්ථාවේ දී සැකකරු විසින් රියදුරුගේ බිරිඳ හා මව කාර් රථය තුල සිටියදීම පණගන්වා තිබූ කාර් රථය කොල්ලකා පලා ගොස් තිබෙන අතර එම අවස්ථාවේදී විමර්ශන කටයුත්තක් සඳහා කැබ් රථයකින් කොටහේන පොලිස් වසමට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට මෙම මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී පලා යමින් තිබූ කාර් රථය පසුපස ලුහුබැඳ ගොස් එය නැවත්වීමට සංඥා කර ඇත.

නමුත් සැකකරු විසින් පොලිස් අණ නොතකා තවදුරටත් මෝටර් රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරින් විසින් රාජකාරි පිස්තෝල අවියකින් වෙඩි පහරවල් දෙකක් තබා ඇති අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී කාර් රථය නතර කර ගැනීමට සමත්වී තිබේ. නිලධාරින් කාර් රථය අසලට යන අවස්ථාවේදී සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති අතර කාර් රථය තුල සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories