2025 ජූනි 03 අඟහරුවාදා, 05:31
නවතම පුවත්

කොටහේනේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වය ගැන සැකයි

රටක හෙට, දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ එකමුතුව විසින් සංවිධානය කරන මාධ්‍ය හමුව
ඊයේ නාරාහේන්පිට දී පැවැත්විණි.

එහිදී අදහස් දැක් වූ නීතිඥ නිරූපා සේරසිංහ ,

“අපි මේක දේශපාලන අරමුණකින් කරන දෙයක් නොවේ. දරුවෙකු කියන්නෙ අපි හැමෝටම සංවේදී කාරණයක්. මෑත කාලයේ එකදිගට වෙච්ච සිද්ධි එක්ක, සති දෙකකට කලින් කතා කළා සබරගම විශ්ව විද්‍යාලයේ දරුවෙක් සියදිවි හානි කර ගැනීමක් ගැන, දැන් බාල වයස්කාර දියණියක් සියදිවි හානි කරගෙන තියෙනවා පාසල තුළ වෙච්ච සිද්ධියක් නිසා. මේ පිළිබඳ පුරවැසියන් විදියට සහකම්පනයෙන් යුතුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන් අපි ඉගෙන ගත්ත නීතිය අනුව මේ රටේ දරුවෝ සම්බන්ධයෙන් අවසාන අයිතිවාසිකම් තියෙන්නේ රජයට. රජයක වගකීම තමයි දරුවා ආරක්ෂා කර ගැනීම. ලඟදි වෙච්ච දියණියගේ සිද්ධිය ගත්තොත් රජයේ ක්‍රියාකාරීත්වය ගැන ගැන යම් යම් සැක සංකා දක්නට ලැබෙනවා. “

එසේම ඇය ප්‍රකාශ කළේ, රටේ සෑම දේශපාලන පක්ෂයක් පක්‍ෂයක්ම බලය ලබා ගැනීමට පෙර කාන්තාවන් ගැන දරුවන් ගැන විශේෂයෙන් කතා කරන අතර විවිධ සංවිධාන පිහිටුවා ගන්න බවත් ය. ඔවුන් ඒවා බලයට එන පාර ලෙස භාවිතා කරන බවත් ඇය සඳහන් කළාය. මෙම ආණ්ඩුවත් එලෙසම කටයුතු කර ඇති බව එතුමිය සඳහන් කළාය. එසේම මෙම චෝදනා ලැබූ පුද්ගලයාට යම් යම් දේශපාලනික සම්බන්ධතා ඇති බව පෙනෙන්නට ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

එසේම එහිදී, ” ළමුන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක්, සාමූහික සංවිධානාත්මක වැඩපිළිවෙළක් තියෙනවද? “
යන ගැටලුවට පිළිතුරු දෙමින් ඇය පවසා සිටියේ,

“එවැනි සංවිධාන ඕනෑතරම් තියෙනෙවා.. සංවිධාන හරහා දෙයක් වෙනවාද යන්න කියන කාරණය ලොකු අර්බුදයක් තියෙනවා. සංවිධාන ප්‍රමාණය ගත්තොත් මෙහෙම දේවල් වෙන්න බැහැ.. සමාජයේ ඒ දරුවෝ තනිවෙන්න බැහැ. සංවිධාන තිබ්බට ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සංවිධානවල එළියට පෙනෙන අරමුණුමද ඇත්ත කියල.”

කෙසේ වෙතත් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඔවුන් සතුව තවමත් සංවිධානයක් නොමැති බවත්, ඔවුන්ට හැකි අයුරින් මෙය ඉදිරියට ගෙනයන බවත් ඔවුන්ට කළ හැක්කේ දැනුවත් කිරීම හා අවශ්‍ය නීතිමය සහයක් ලබා දීම බවත්ය.

මෙම මාධ්‍ය හමුව සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ එකමුතුවේ නීතිඥ නිරූපා සේරසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මඳුරි රණසිංහ ඇතුලු සාමාජිකයන් රැසක් සහභාගී විය.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories