ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (15) චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.
උර 4 ක් තුළ පාර්සල් 52 ක අසුරන ලද කිලෝ 94 යි ග්‍රෑම් 520 ක එම කේරළ ගංජා තොගය සමඟ සැකකාරියක් සහ එම තොගය ප්‍රවාහනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන කැබ් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකළ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂවට ලක් කිරීමේදීයි නිවසේ සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුව ඇත්තේ.
මෙම මෙහෙයුම මඟින් භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන තිස් හතකට අධික වෙතැයි සඳහන්.
එමෙන්ම නාවික හමුදා භාරයට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇති අතර සැකකාරිය, කේරළ ගංජා තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ