2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:39
නවතම පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව්දෙනා දරුණු මානසික රෝගයකට මුහුණ දී ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඒ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මාත්‍රා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් හැකි ඉක්මණින් ඔවුන් සුදුසු වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවනේ පෙනී සිටි නීතිඥවරු ඊයේ අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාතවරිය නියෝග කළේ, ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙසයි.

මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව සුදත් ජානක, රත්නකුමාර හේරත්, විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි, නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් හෘද රෝග, මානසික රෝග, පිලිකා රෝග, කායික රෝග සහ අමාංශ රෝගවලින් පෙලෙන බැවින් ඒ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories