හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
‘දූෂණය’ නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව ඔහු මේ වන විට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.