අල්ලස් කොමිසම විසින් පවත්වන ලද පරීක්ෂණයක කොටසක් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාර්ලිමේන්තු කාර්යාලයට අයත් බැංකු ගිණුමක් කැටි කිරීමට නිකුත් කරන ලද නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතිඥවරුන් ගොනු කළ අයදුම්පතක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මෙම තීන්දුව ලබා දුන්නේය.
අල්ලස් කොමිසම විසින් පත් කරන ලද පරීක්ෂණයක කොටසක් ලෙස, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් සහ රක්ෂණ ඔප්පු කිහිපයක් කැටි කරමින් කොළඹ මහාධිකරණය සතිය මුලදී තහනම් නියෝගයක් නිකුත් කළේය.
එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිව හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන බවත් එම ගිණුමට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉකුත්දා ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.