2025 අගෝස්තු 15 සිකුරාදා, 04:54
නවතම පුවත්

කෙන්යාවේ උපජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්

කෙන්යාවේ උපජනාධිපති රිගාති ගචා-ගුවාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයක් එරට ජාතික සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෝෂාභියෝග යෝජනාව ගෙන ආවේ, උපජනාධිපතිවරයා පසුගිය කාලයේ මූල්‍ය වංචා සිදුකිරීම සහ ජන වාර්ගික වෛරය පැතිරවීම ඇතුළු කෙන්යානු ව්‍යවස්ථාවේ වගන්ති 8ක් කඩ කර ඇති බවට චෝදනා කරමින් වේ.

කෙන්යානු පාර්ලිමේන්තුව, ජාතික සභාව සහ සෙනෙට් සභාව ලෙස කොටස් දෙකකින් සමන්විතයි.

එහි ජාතික සභාවේ මන්ත්‍රීවරුන් 350 දෙනෙකු අතුරින් තුනෙන් දෙකකට වැඩි පිරිසක් එනම් මන්ත්‍රීවරුන් 281 දෙනෙකු දෝෂාභියෝගයට සහය පල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී සාමාජිකයින් 67 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාව හමුවේ උප ජනාධිපතිවරයාට චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිදුවනු ඇති බවයි.

ඉන් පසු සෙනෙට් සභාවේ සාමාජිකයින්ද දෝෂාභියෝගයට පක්ෂව හෝ විපක්ෂව සිය ඡන්දය භාවිත කරනු ඇත.

දෝෂාභියෝගය තහවුරු කිරීමට සෙනෙට් සභිකයින් තුනෙන් දෙකක් ඡන්දය ප්‍රකාශ කළහොත්, උප ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා හැරෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories