අක්‍රමවත්ව පවතින මෙරට කෘෂිකර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙනඒමට දිගුකාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක විය යුතු බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශන්හි ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ අතර,
ඒ මෙතෙක් සිදුකර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවහොත් එමඟින් දිළිඳුභාවය කුමන මට්ටමකට විසඳී ඇත් ද යන්න ප්‍රශ්නයක්ව පවතින බව සඳහන් කළේය.
එමෙන්ම මේ හේතුවෙන් ඉදිරියේ දී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.