ඊයේ (07) රාත්‍රියේ කුරුණෑගල – වැහැර මංසන්ධියේ ඉන්ධනහලක ගින්නක් ඇති වී තිබෙනවා.
එයින් සිව් දෙනෙකු මියගොස් 04 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය සදහන් කළේ ය.
එයට හේතුව එහි ගෑස් නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් බව සදහන් වේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල පොලිසිය විසින් සිදුකරනු ලබයි.