2025 අගෝස්තු 15 සිකුරාදා, 02:58
නවතම පුවත්

කිලිනොච්චියේ ටිපර් රථ හොරකමක්

කිළිනොච්චියේ ධර්මපුරම් උසාවනූර් ප්‍රදේශයේ නිවසකට පිහි හා කිණිසි රැගෙන පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවසේ උදවිය බියකොට රුපියල් ලක්ෂ 90 ක් පමණ වටිනා ටිපර් රථයක් 5 ක් පැහැර ගෙන ගොස් තිබේ.නිවසේ කාන්තාව මරණ බවට තර්ජනය කොට ටිපර් රථයේ යතුර ඔවුන් විසින් ලබා ගෙන ඇති අතර ඒ වන විට ටිපර් රථයේ අයිතිකරු මෙම නිවෙස් හිමියා හා තවත් හතර දෙනෙකුද නිවසේ සිට ඇත.

පැමිණි පිරිස මුහුණු හා හිස් කලු රෙදි වලින් ආවරණය කරගෙන යතුරු පැදි හිස්වැසුම් පැළද සිටි නිසා කවරෙකුවත් හදුණා ගැනීමට නොහැකි වූ බව නිවෙස් හිමියා පොලීසියට පවසා තිබේ.සිද්ධිය වූ අවස්ථාවේදීම නිවෙස් හිමියා ධර්මපුරම් පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ටිපර් රථය සොරකම් කරගෙන ගිය බව දැණුම් දී ඇත.වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ටිපර් රථය ගිය ප්‍රදේශය සොයා වාහනයකින් ඒ පසුපස ලුහුබැද යමින් සිටියදී ඔවුන් ටිපර් රථය හා යතුරු පැදි හතරක් මහ මග දමා පලා ගොස් තිබේ.

ධර්මපුරම් පොලීසිය ටිපර් රථය හා යතුරු පැදි හතර පොලිස් බාරයට ගෙන ඇති අතර එම සොරකම සිදු කිරීමට පැමිණි පිරිස අත් අඩංගුවට ගැනීම පිණිස මෙහෙයුමක් දියත් කොට තිබේ.මේ අතර නිවෙස් හිමියා පොලිසියට පවසා ඇත්තේ මේ සිද්ධිය නිසා ඔහුට නිවසේ රැදී සිටීමට ආරක්ෂාවක් නොමැති බවයි.මේ තත්ත්වය මත පොලිස් උපදෙස් අනුව ටිපර් රථයේ අයිතිකරු හා නිවසේ උදවිය වෙනත් ආරක්ෂිත ස්ථානයකට තාවකාලිකව ගොස් තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories