2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:49
නවතම පුවත්

කිරිඇල්ල සහ වසන්ත යාපා අතර ගැටුමක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීමට හැකියාවක් නොමැති බව සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර විරසකයක් ඇති වී තිබෙන බවත් එය මේ වනවිට උග්‍ර අතට පත්වෙමින් තිබෙන බවත් සඳහන්.

සමගි ජන සන්ධානය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ඇමතූ වසන්ත යාපා බණ්ඩාර මහතාට මහනුවර ජන රැලියේදී ජනතාව ඇමතීමට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිතාමතාම අවස්ථාවක් ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ තුළින් ඔවුන් දෙදෙනා තුළ පවතින විරසකය පිලිබඳ අන් අයටත් පැහැදිලි වන බවයි වසන්ත යාපා බණ්ඩාර මහතාගේ හිතවාදීන් ප්‍රකාශ කරන්නේ.

මහනුවර ජන රැළිය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු තිබු අතර දේශපාලනයට ආධුනික චරිතයක් වු ඔහුගේ දියණියට පවා එහි කතාවක් සිදුකිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ කිසිදු ආසන සංවිධායකවරයෙකුට ජනතාව ඇමතීමට අවස්ථාවක් ලබා නොදීම ද මේ වනවිට ප්‍රශ්න සහගත තත්ත්වයක් දක්වා දුරදිග ගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉදිරි මහ මැතිවරණයකදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ අවස්ථාව දියණියට ලබාදීමට සැලසුම් කර තිබෙන බවටද තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙලෙස වසන්ත යාපා බණ්ඩාර මහතා සමග විරසකයක් ඇතිකරගෙන ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

කිරිඇල්ල මහතාගේ දියණියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසලින්ම අසුනක් ලබා දී තිබියදී සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ආසන සංවිධායකවරුන්ට ආසනයක් හෝ පැනවීමට රැලිය සංවිධානය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හිතවාදීන් කටයුතු කර නැහැ.

ඒ පිළිබඳ එම ආසන සංවිධායකවරුන් දැඩි අප්‍රසාදය පළකර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories