2025 අගෝස්තු 15 සිකුරාදා, 03:04
නවතම පුවත්

කිරිඇල්ලට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමියෝ සජිත්ගෙන් ඉල්ලති!

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ එම පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර ඇත.

එම ලිපිය මල්වතු කාරක සංඝ සභික ගල්පිහිල්ලේ නායක ස්වාමීන් වහන්සේ අතින් බාරදී ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

කන්ද උඩරට ජනතාව කාලයක සිට නියෝජනය කළ සිංහල මන්ත්‍රීවරයා වන හෙයින් ඔහුගේ පළපුරුද්ද, නීතිමය හැකියාව සහ ඔහු රට වෙනුවෙන් කළ සේවාව යනාදී කරුණු සැළකිල්ලට ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහනාහිමියන් එම ලිපියෙන් ඉල්ලා ඇතැයි පැවැසේ.

ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය මහමැතිවරණයට තරග කළේ නැත.

එසේම සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේද ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම ඇතුළත්ව නැත.

විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලද්දේ, මහමැතිවරණයට තරග නොකළ හෝ අදාළ දේශපාලන පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් කර නොමැති අපේක්ෂකයකුට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගත නොහැකි බවයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories