2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:00
නවතම පුවත්

කැස්බෑ මස් කාලා තුන්දෙනෙක් මැරිලා – 32ක් රෝහලේ

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවකු මරා මස් ඉස්ටුවක් ලෙස පිස ආහාරයට ගත් පිලිපීනයේ පුද්ගලයන් පිරිසක් අතරින් තිදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එය ආහාරයට ගත් තවත් පුද්ගලයන් 32 දෙදෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

පිලිපීනයේ Maguindanao del Norte පළාතේ මුහුදුබඩ නගරයක පසුගිය සතියේ දී එම මස් වර්ගය අනුභව කිරීමෙන් පසු ආදිවාසී ටෙඩුරේ වැසියන් රැසක් පාචනය, වමනය සහ උදරාබාධ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව බලධාරිහු පවසති.

පිලිපීනයේ පාරිසරික ආරක්ෂණ නීති යටතේ මුහුදු කැස්බෑවන් දඩයම් කිරීම හෝ ඔවුන්ගේ මස් පරිභෝජනය කිරීම නීතිවිරෝධී වුවද, එටර වෙසෙන ඇතැම් ජනකොටස් සාගර ජීවීන් තවමත් සාම්ප්‍රදායික මෙන්ම ප්‍රණීත ආහාරයක් ලෙස අනුභව කරනු ලැබේ.

එහෙත් දූෂිත ඇල්ගී පරිභෝජනය කරන මුහුදු කැස්බෑවන් සෞඛ්‍ය සම්පන්න ලෙස සතුන් ලෙස පෙනුණද ඔවුන්ගේ මස් පිස ආහාරයට ගන්නා විට විෂ සහිත විය හැකි බව පැවසේ.

රෝගාබාධවලට ලක්වූ පිරිස අනුභව කළ කැස්බෑ මස්වලින් කොටසක් ආහාරයට ගෙන තිබූ ඇතැම් බල්ලන්, බළලුන් සහ කුකුළන් ද මියගිය බව ප්‍රාදේශීය නිලධාරිනියක් වන අයිරින් ඩිලෝ උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් අදාළ මරණවලට හේතුව කුමක්ද යන්න බලධාරීන් විමර්ශනය කරමින් සිටින බවද ඇය පවසා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories