2025 අගෝස්තු 15 සිකුරාදා, 11:00
නවතම පුවත්

කැලිෆෝනියාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඊයේ (05) පස්වරු 6.44ට පමණ ඇතිව තිබේ.

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ කැලිෆෝනියාවේ ෆර්න්ඩේල් නගරයට කිලෝමීටර 100ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ ය.

මේ සමග මිලියන 5ක පමණ පිරිසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

එමෙන්ම වෙරළබඩ නගරවලින් ජනතාව ඉවත් කෙරුණු අතර, ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද නිවේදනය කළේය.

කෙසේ වුවද භුකම්පනය සිදුවී පැය දෙකකට ආසන්න කාලයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත.

භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, ඉන් සිදුව ඇත්තේ ද ඉතාමත් සුළු දේපල හානියක් පමණක් බවද වාර්තා වේ.

කෙසේ වුවද එහි බලපෑමෙන් 10,000ක පමණ පිරිසකට විදුලිය ඇනහිටීමකට මුහුණ දීමට සිදුව තිබේ.

මෙය කැලිෆෝනියාවෙන් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories