2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:22
නවතම පුවත්

කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය කරගන්න ට්‍රම්ප් මුට්ටිය දාලා බලයි

කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම හොඳ අදහසක් වනු ඇති බව අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, කැනඩාව දේශපාලන කැලඹිලිවලින් පීඩා විඳිමින් සිටින බැවින් බොහෝ කැනේඩියානුවන් මෙම අදහස පිළිගන්නා බවයි.

“බොහෝ කැනේඩියානුවන්ට කැනඩාව 51 වැනි රාජ්‍යය බවට පත්වීමට අවශ්‍යයි,” ට්‍රම්ප් Truth Social හි පළකර ඇත.

“මෙමගින් ඔවුන්ගේ බදු සහ හමුදා ආරක්ෂාව සඳහා විශාල වශයෙන් ඉතිරි කරනු ඇත. මම හිතන්නේ එය විශිෂ්ට අදහසක්. 51 වන රාජ්‍යය!!!” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ පැවසූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් ජනමාධ්‍ය පවසයි.

විශේෂයෙන්, ඉකුත් සඳුදා කැනඩාවේ නියෝජ්‍ය අගමැතිගේ කම්පන සහගත ඉල්ලා අස්වීමෙන් පසුව ට්‍රම්ප් සිදුකළ මෙම ප්‍රකාශය ඇතැමුන් නුසුදුසු ප්‍රකාශයක් ලෙස පවසා ඇති අතර ඇතැමුන් හාසය්‍යක් ලෙස දක්වයි.

මේ අතර, මෙම සතියේ සිදුකළ මහජන මත විමසුමකින් කැනේඩියානුවන්ගෙන් සියයට 13 ක් ඔවුන්ගේ අසල්වැසියා සමඟ සම්බන්ධ වීමේ අදහසට සහාය දක්වන බව අනාවරණ වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

නොවැම්බර් අගදී ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ වතුයායේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ට්‍රම්ප් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ වෙත එම ප්‍රකාශය කළ විට ඔහු ශබ්ද නගා සිනහවීමෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි ද සඳහන් වේ.

මේ අතර කැනඩාවේ හිටපු නියෝජ්‍ය අගමැති සහ ක්විබෙක් ප්‍රධාන අමාත්‍ය ජීන් චාරෙස්ට් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ

“සෑම කැනේඩියානු ජාතිකයෙකුම, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධ විය යුතුය,” යනුවෙන් කැනේඩියානු දේශපාලකයකු වන චාරෙස්ට් X හි සටහනක් තබා තිබේ.

“බොහෝ කලක සිට, අපි එක්සත් ජනපදය සහ ලෝකයේ සෙසු රටවල් සමඟ අපගේ සබඳතා ගැන සෑහීමකට පත් වී සිටිමු. කැනඩාවේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා අපි එක්සත් වී මෙම ප්‍රකාශයට එරෙහිව නැගීසිටිය යුතුය.” යනුවෙන් ද ඔහු පවසා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories