2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:39
නවතම පුවත්

කැනඩාවේදී ඝාතනය කර ඇත්තේ LTTEය මරාදැමූ යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරිය

කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩිතැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක පසුගිය 9 දා මියගොස් ඇති බව වාර්තා විය.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන රගුදාස් නිලක්ෂි නමැත්තිය බවට හඳුනාගෙන ඇතැයි අද ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

වෙඩිතැබීම සිදු වූ මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා ඇති අතර යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වී ඇත්තේ එම නිවසේය.

එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩිතැබීම් සිදුව ඇති අතර, මෙවර වෙඩිතැබීමෙන් යාපනයේ පදිංචි තරුණිය සමග තවත් අයකු මියගොස් තවත් අයකුට තුවාල සිදුව තිබේ.

තුවක්කුකරුවන් විසින් නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයකු ද වෙඩිතබා මරාදමා තිබේ.

වෙඩිතැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතරදෙනකු නවීන පන්නයේ කැබ් රථයකින් පළායන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන් වී ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කර තිබේ.

මේ දක්වා කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.(දිවයින)

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories