ක්‍රිකට් ලෝලීන්ගේ සිත් සතුටින් පුරවමින්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ .
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී නවක මුහුණු කිහිපයක් එක්ව තිබේ. දක්ෂතා දක්වන ලද ක්‍රීඩක මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 217 වැනි ක්‍රීඩකයා බවට පත් විය.