කොළඹ පාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු බැංකුවේ මේ වනවිට පරිත්‍යාගශීලීන් 40 දෙනකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛi අජිත් දන්තනාරායන මහතා ඊයේ (26දා) පැවසීය.
ප්‍රථමවතාවට මෙරට මෙවැනි ශුක්‍රාණු බැංකුවක් පසුගියදා ආරම්භ කෙරිණි.
ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකථන ඇමතුම් විශාල වශයෙන් ලැබෙන බවත් එම පුද්ගලයන්ට ඒ සඳහා දින ලබාදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
මඳ සරුභාවය හේතුවෙන් දරුඵල නොමැතිව දුක් විඳින, මානසිකව වැටී සිටින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණ වේ. ශුක්‍ර ධාතු ලබාදීම සඳහා ඉදිරිපත් වන පියවරුන් රෝහලේදී පරීක්ෂණ කීපයක් සඳහා පෙනී සිටිය යුතු බව අධ්‍යක්ෂවරයා කීය.
ශුක්‍රාණු ලබාදීමට පැමිණෙන අයගේ මෙන්ම දරුවන් ලබාගැනීම සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ද රහස්‍යභාවය සුරකින බව ඒ මහතා සඳහන් කළේය.
ශුක්‍ර ධාතු ලබාදීමට කැමැති අය 0112678999/ 0112672216 යන දුරකථන අංක අමතන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.