2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

කාන්තා පොලිස් නිලධාරින්ට ලිංගික හිංසනය කළ පොලිස් මහත්තුරු ගැන විමර්ශනයක්

රාජකාරි අවස්ථාවලදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලිංගික ඇතුළු විවිධ හිංසන පමුණුවන ලදැයි කියන පොලිස් නිලධාරීන් පිළිබඳව පොලිස්පති නියෝග මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තමන් රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී විවිධ තනතුරු දරන පොලිස් නිලධාරීන් ලිංගික හිංසන ඇතුළු විවිධාකාරයේ හිංසනවලට ලක් කරන බව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරිනියන් පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිලි මත පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් එම විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, මෙලෙස කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත්, ඊට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාන්තා පොලිස් නිලධාරිනියන්ට හිංසන කරන ලද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා බවත්ය.

‘‘පොලිස් ස්ථානවල රාජකාරි කරන අවස්ථාවන්හිදී සහ විමර්ශන කටයුතුවලට පොලිස් ස්ථානවලින් පිටතට යන අවස්ථාවන්හිදී ඇතැම් පොලිස් නිලධාරිනියන්ට, පොලිස් නිලධාරින් ලිංගික හිංසනයන් කළ අවස්ථා වාර්තා වී තිබෙනවා. සමහර නිලධාරිනියන්ගේ අත ඇල්ලුවා, ශරීරය ස්පර්ශ කළා කියලා ඇතැම් පොලිස් නිලධාරින්ට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා. ඇතැම් උසස් පොලිස් නිලධාරින්ටත් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා’’ යැයි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා සඳහන් කළේය.

‘‘මේ වනවිට එවැනි හිංසන සිද්ධීන්වලට අදාළ පැමිණිලි 10ක විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉකුත් සතියේදී අත්අඩංගුවට ගත්තා. අනෙකුත් සිද්ධීන්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා’’ යැයි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories