2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:36
නවතම පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් සැමරීම සතුටක් -ජනපති

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ රට තුළ ජනිත නව උද්යෝගයත් සමග ලස්සන ජීවිතයට බලාපොරොත්තුව සිත්දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී ඇති බවය.

රටත් ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටුකිරීමට ප්‍රතිඥා දෙමින් භාරගත් රටේ වගකීම එලෙසම ඉටු කිරීමට බාධක මැද වුව ද පසුනොබසින වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් කැපවී සිටින බව ජනාධිපතිවරයා පවසයි.

මේ අතර එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිල ප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සමරන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම කියාපාන්නක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ රටක් වශයෙන් අප සුවිශේෂි සංධිස්ථානයට එළඹ ඇති අතර ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදුර වගකීම රජය භාරගෙන ඇති බවය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories