2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:21
නවතම පුවත්

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි චෝදනා පත්‍රයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරික උපුල්වන් සේරසිංහ
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

එම චෝදනා පත්‍රය භාරදී ඇත්තේ පසුගිය සිකුරාදා (3) දිනයේය.

ඩේලි මෝනිං ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් උපුල්වන් සේරසිංහ පවසා ඇත්තේ, ෂෙමාල් ප්‍රනාන්දු සමග කිසිදු තත්ත්වයක් යටතේ වැඩ කිරීමට කැමති නැති බව තම සංගමය සහ ඊට අනුබද්ධ තවත් සමාජ හතක නිලධාරීන් ඇමැති ගමගේට අවධාරණය කළ බවයි.

ඔවුන් ඇමැතිවරයා වෙත පිටු 134කින් යුත් ලිඛිත සාක්ෂි සහලේඛන ඉදිරිපත් කර ඇත.

ක්‍රීඩා නීතිය උල්ලංඝනය කිරීම සහ මෙරට ඔටෝමොබයිල් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා ඔහු විසින් සිදුකර ඇති බව කියන ප්‍රබල බලපෑම් ඊට ඇතුළත් බව කියැවේ.

ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වී ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට එහිදී ඔහුට නොහැකි වූ බව සේරසිංහ පවසයි.

චෝදනා පත්‍රය පිරික්සීමෙන් පසු ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵලය ඉදිරියේදී දැනුම් දෙන බවට ඇමැතිවරයා තමන් ඇතුළු පිරිසට සහතික වූ බව සේරසිංහ සඳහන් කරයි.

ඔහු පවසන පරිදි, දැනට අත්හිටුවා ඇති ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයට අනුබද්ධ සියලුම ක්‍රීඩා සමාජ ඒකමතික තීරණයක් ගෙන ඇත්තේ ෂෙමාල් ප්‍රනාන්දු අදාළ තනතුරේ කටයුතු කරනතුරු ඔවුන් මෙරට මෝටර් රථ ධාවන සඳහා සම්බන්ධ නොවීමටයි.

ඒ බව ඔවුන් වාචිකව සහ ලිඛිතව ඇමැතිවරයාට දැනුම් දී ඇත.

ගැටලුවට සාවධානව සවන් දුන් ඇමැතිවරයා පවතින නීතිමය ගැටලු විසඳන තුරු ක්‍රීඩාව පවත්වාගෙන යෑමට සමාජ හතෙන් සාමාජිකයන් දෙදෙනෙකු බැගින් වන පරිපාලන කමිටුවක් පිහිටුවන බවට තමන් ඇතුළු හිටපු නිලධාරීන්ට පොරොන්දු වූ බව සේරසිංහ සඳහන් කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories