2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:07
නවතම පුවත්

ක්‍රීඩාවෙන් හොරකම් කරන අය ගැන කෙළින්ම ඇමැතිට කියන්න

ක්‍රීඩා ආයතන තුළ සිදුවන වංචා දූෂණ පිළිබඳ සෘජුව වාර්තා කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පෙරවරුවේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන අය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

එම අවස්ථාවේ අමාත්‍ය ගමගේ මෙසේද පැවසීය.

“දේශපාලන ප්‍රශ්න සහ අතීත අඩුපාඩු අතහැර අපි ඉදිරියට යමු. නමුත් සිදුවී ඇති වංචා දූෂණ අපට නොසළකා හරින්න බැහැ. දූෂණයෙන් හා අක්‍රමිකතාවලින් තොර යහපත් සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි. ආයතන තුළ සිදුවන දූෂිත ක්‍රියාකාරකම් පිළිබඳව සෘජුවම අප වෙත වාර්තා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ ඉහළ නිලධාරීන්ගේ හෝ ඇමැතිවරුන්ගේ මැදිහත්වීම නිසා මෙය කළ නොහැකි වන්නට ඇති. දැන් එවැනි බාධක තවදුරටත් නැහැ. අපිත් එක්ක එකට වැඩකරන්න”.

මත්ද්‍රව්‍ය භාවිතය, විදේශගත වීම සහ රැකියා සුරක්ෂිතභාවය වැනි තරුණ පරම්පරාවට බලපාන තීරණාත්මක ගැටලු විසඳීමට අමාත්‍යාංශයේ කැපවීම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වැදගත්කම පෙන්වාදුන් ඔහු මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ හැකි බව ප්‍රකාශ කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories