2025 අගෝස්තු 15 සිකුරාදා, 22:49
නවතම පුවත්

ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්

2025 වසර ආරම්භ කරමින් පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ, නවසීලන්තය සමග අද(02) පැවති තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කරමිනි.

නවසීලන්තයේ නෙල්සන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ක්‍රීඩාංගණයේ තෙත සහිත බව හේතුවෙන් මිනිත්තු 15කින් පමණ ප්‍රමාද විය.

කාසියේ වාසිය ජය ගත් නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට එක්වුණේ වෙනස්කම් දෙකක් සමගිනි.

කමිදු මෙන්ඩිස් සහ මතීෂ පතිරණ වෙනුවට භානුක රාජපක්ෂ සහ චමිදු වික්‍රමසිංහ අද(02) තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.

මිනිත්තු 30ක පමණ ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ වුණේ, මෙරට වේලාවෙන් අද(02) උදෑසන 06.15ටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්ය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 24කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී ගියේ ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 22යි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17කට දැවී ගියේ ය.

සිව්වැනි කඩුල්ලට පිටියේ එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ශතක සබඳතාවයක් ගොඩනගමිනි.

නායක චරිත් අසලංක ලකුණු 46යි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ සිය මංගල ශතකය රැස් කළේ පන්දු 44ක් පමණක් වැය කරමිනි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළේ ය.

නවසීලන්ත පිළිතුරු ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සමගින් රචින් රවින්ද්‍රයි.

ඔවුන් දෙදෙනා නවසීලන්ත පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවයක් එක්කරමින් ජයග්‍රාහී ආරම්භයක් දියත් කළේ ය.

ටිම් රොබින්සන් ලකුණු 37යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රචින් රවින්ද්‍ර ලකුණු 69ක් රැස් කළේ ය.

කෙසේ නමුත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක චරිත් අසලංක නවසීලන්ත ඉනිමේ කඩුලු 03ක් දවා ගත්තේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට නතු කර ගනිමිනි.

ඔහුට අනගි සහයක් ලබා දුන් වනිදු හසරංග කඩුලු 02ක් දවා ගැනිමට සමත් විය.

ඒ අනුව ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 211ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2025 වසර ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් විය.

කෙසේ නමුත් තරග 03කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories