කොහුවල, කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මෝදර නිපුණ’ නමැත්තාගේ සමීප ඥාතිවරියන් දෙදෙනෙක්ද වෙති.
පසුගිය 15 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් නොගෙවීමක් හේතුවෙන් සිදුවූවක් බවට පොලීසිය සැක කරයි. සැකකරුවන් සමඟ ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අතරින් සිද්ධියේ වෙඩික්කරුගේ බිරිඳ සහ ඇගේ මවද සිටින බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු දින (ජූනි 16) වෙඩික්කරු ඩුබායි රාජ්‍යයට පළා ගොස් ඇති බවයි.