2025 අගෝස්තු 15 සිකුරාදා, 21:12
නවතම පුවත්

කසාදය නිසා පොලිසිය ඉදිරියේ පියා දියණියව ඝාතනය කරයි.

සිය දියණියගේ විවාහ මංගල උත්සවයට දින හතරක් පමණක් ඉතිරිව තිබියදී එම දියණිය වෙඩි තබා ඝාතනය කළ පියකු පිළිබඳ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්වාලියර් ප්‍රදේශයෙන් මෙම කම්පනසහගත සිදුවීම වාර්තා වන බවයි.

පියා විසින් දියණියට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇය වෙනත් අයෙකු සමඟ විවාහ වීමට තිබූ කැමැත්ත නිසා බව ද පැවැසේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ, සැකකරු පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම සිය 20 හැවිරිදි දියණියට වෙඩි තබා ඝාතනය කර ඇති බවය.

තානු ගුර්ජාර් නමැති එම තරුණිය තම පවුලේ සාමාජිකයන් විසින් යෝජනා කර සංවිධාන කරන ලද විවාහයට විරුද්ධ වී ඇත්තේ තමා කැමති පිරිමියකු සිටින බව හා ඔහු සමග විවාහ වීමට කැමති බව පවසමිනි.

මෙම ඝාතනය ඉකුත් අඟහරුවාදා රාත්‍රී 9ට පමණ නගරයේ ගෝලා කා මන්දිර් ප්‍රදේශයේදී සිදුව ඇතයි ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඝාතනයට ලක්වූ තරුණියගේ පියා වන මහේෂ් ගුර්ජාර්, සිය දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද වීඩියෝවක් නිසා කෝපයට පත්ව ඇති බවත්, අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් පැවසේ.

වින්දිත තරුණියගේ ඥාති සොහොයුරෙකු බව පැවසෙන රාහුල් නමැත්තෙකු වෙඩි තැබීමට සහය ලබා දී ඇති බවත් ඇය මියගිය බව තහවුරු කර ගැනීම සඳහා ඔහු ද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.

මෙම ඝාතනයට පැය කිහිපයකට පෙර, තනූ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළකර ඇති අතර, එමගින් ඇය පවසා ඇත්තේ ඇගේ කැමැත්තට එරෙහි විවාහයකට තම පවුලේ සාමාජිකයන් තමාට බලපෑම් කරන බවයි.

තත්පර 52 ක වීඩියෝ පටයක් වන එහි ඇය තම ජීවිතය පිළිබඳ බියක් පවතින බවත්, එවැනි කිසිවක් සිදුවුවහොත් ඒ සඳහා වගකිව යුතු ඇගේ පියා වන මහේෂ් නමැත්තා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් බවත් පවසා තිබේ.

“මට විකීව විවාහ කර ගැනීමට අවශ්‍යයි. මගේ පවුලේ අය මුලින් එකඟ වූ නමුත් පසුව එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් මට දිනපතා පහර දී මරාදමන බවට තර්ජනය කරනවා. මට මොනවා හරි වුනොත් මගේ පවුලේ අය වගකිව යුතුයි” තනූ වීඩියෝව මගින් පවසා ඇත.

ඇය විවාහවීමට කැමැත්තෙන් සිටි පුද්ගලයා වන විකී නමැත්තා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පදිංචිකරුවෙකු වන අතර, ඔහු වසර හයක් පුරා තනූ සමඟ ආදර සම්බන්ධයක් පවත්වා ඇති බව ද අනාවරණ වී තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories