කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට අලි ඇතුන් විශාල වශයෙන් එක්රැස්වීමක් මේ දිනවල දැකගත හැක.
මෙය සංචාරක ආකර්ෂණය වැඩි කරන ස්වභාවික සංසිද්ධියකි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම වනෝද්‍යානය හෙක්ටයාර 6900 ක් පුරා ව්‍යාප්තව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වූ 15වන ජාතික වනෝද්‍යානය මෙයයි.
මෙම උද්‍යානයෙන් ලංකාවේ ක්ෂීරපායින් විශේෂ විසිහතරක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් ප්‍රධාන වන්නේ ආසියානු අලියායි.