කරාපිටිය රෝහලේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 120ට වඩා වැඩි සංඛ්‍යාවකට පසුගිය සතිය කීපය තුළදී ඩෙංගු රෝගය වැළදි ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍යවරුන්, හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමජිකයන්ට රෝගය වැලදීමෙන් රෝහල තුළම ප්‍රතිකාර ලබාගත් බවත් මේ වන විටත් ප්‍රතිකාර ලබන පිරිසක්ද සිටින බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
ඩෙංගු වැළඳුනු රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින් කිසිවෙකුත් අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බවත් මේ වන විට පිරිසක් ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා කීවේය.