2025 ජූනි 21 සෙනසුරාදා, 18:09
නවතම පුවත්

කමලා හැරිස් පරාජය පිළිගනියි

පළමු වතාවට කාන්තාවක් ජනපති ධුරයට පත්වීම දෙවැනි වතාවටත් මඟ හරවා ගත් ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්නා බවත්, නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතන බවත් කියමින් වොෂින්ටන් නුවර හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිය පරාජිත දේශනය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දහස් සංඛ්‍යාත ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කඳුළු සුසුම් මැද පරාජිතයාගේ දේශනය සිදු කිරීමට පෙර ඇගේ මැතිවරණ සටන වෙනුවෙන් සුප්‍රකට ගායිකා බියොන්සේගේ හඬින් නිර්මාණය වූ ‘Freedom’ පසුබිමින් වාදනය වෙද්දී වේදිකාවට ගොඩ වූ කමලා හැරිස් පළමුව උපජනාධිපති ධුරයට තරග කළ ඇගේ සහායක මිනෙසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ට්ස්ට ස්තූතිය පළ කළ බව ද වාර්තා වේ.

කමලා හැරිස් සිදුකළ එරට ජනාධිපතිවරණ ඉතිහාසයේ සම්ප්‍රදායිකව සිදුවන පරාජිතයාගේ දේශනය හෝ පාක්ෂිකයන් අස්වසාලන දේශනය මිනිත්තු 15කට සීමා වු බව ද වාර්තා වේ. දේශනය අවසන් වීමෙන් පසු ඇගේ සැමියා වන ඩග් එම්හොෆ් වේදිකාවට ගොඩ වී කමලා හැරිස් සිප වැලඳගෙන ඇය අස්වසාලූ අතර, ඇයට වේදිකාවෙන් බැස යෑමට සහාය විය.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම වේදනාකාරී අත්දැකීමක් වුවත් සටන අත් නොහරින ලෙස ඇය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටි අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට බලය හුවමාරු කිරීම සාමකාමීව සිදු කිරීමට සහාය දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

තමා ජනාධිපතිවරණයේ පරාජය පිළිගනු ලැබුවද, මීට වසර 4කට පෙර ජෝ බයිඩ්න් හමුවේ පරාජයට පත්වූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එම පරාජය පිළිනොගත් බව සිහිපත් කළ කමලා හැරිස් එවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ඔහුගේ පාක්ෂිකයන් විසින් සිදු කරනු ලැබූ කැරැල්ලට එම ප්‍රකාශය බලපෑ ආකාරය ද සිහිපත් කළාය.

වසර 1896 ජනාධිපතිවරණයේ සිට ආරම්භ වූ පරාජිතයාගේ වේදනාකාරී දේශනය සිදු කළ 33 වැන්නා ලෙස කමලා හැරිස් ඉතිසාහයට එක්වූවාය. එම පළමු දේශනය සිදු කරනු ලැබුවේ ඇගේම ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් ජෙනින්ස් බ්‍රයන් වන අතර, ඔහු අවස්ථා 3කදීම (1896, 1900 සහ 1908) එම වේදනාකාරී අත්දැකීමට මුහුණ දී තිබිණි. ඊට අමතරව රිපබ්ලිකන් අපේක්ෂක තෝමස් ඊ ඩේවි (1944 සහ 1948), ඩිමොක්‍රටික් අපේක්ෂක අඩ්ලායි ස්ටීවන්සන් (1952 සහ 1956) අවස්ථා දෙකකදී බැගින් එම කටුක අත්දැකීමට මුහුණ දී තිබිණි.

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories