ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (02) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර මෙහිදී හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු අදහස් දක්වමින් පැවසුවේ මහ පොළොවේ පවතින යථාර්ථය වටහා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අසමත්ව ඇති බවයි.