කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
මෙම හමුව ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර, වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සලකා බැලූ මූලික කරුණු පිළිබඳව කාදිනල් හිමියන් ජනාධිපතිවරයාට දැනුවත් කර ඇත.
ඊට අමතරව, සභාව තුළ මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද විශේෂ අවධානය යොමු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා ඇතුළු රදගුරු සම්මේලනයේ සාමාජිකයින්ද සහභාගී වූහ.