2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:01
නවතම පුවත්

කතානායකගේ හොර ආචාර්ය උපාධි චෝදනා පාර්ලිමේන්තුවට අපහාසයක් – එජාපය කියයි

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලය විසින් කතානායක අශෝක රන්වල කිසිදිනක සිය ශිෂ්‍යයකු ලෙස සිට නොමැති බව තහවුරු කර ඇති බවත්, ව්‍යාජ ආචාර්ය පදවියක් ප්‍රදර්ශනය කිරීම පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සඳහන් කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආසියාවේ ප්‍රථම පාර්ලිමේන්තුව බවත්,එහි සිදුවන දේ පිළිබඳව මුළු ලෝකයම සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

එබැවින් ශ්‍රී ලංකා කථානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ චෝදනා රටට කරන නිග්‍රහයක් බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ පක්ෂය වෙනුවෙන් අවධාරණය කළාය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් මුද්‍රණය කර බෙදාහරින ලද මැතිවරණ පත්‍රිකා වලද, වත්මන් කථානායකවරයා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා ඇති බව සඳහන් කර ඇතැයි තලතා අතුකෝරල පෙන්වා දුන්නාය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සහ සමස්ත රටේම ඡන්දදායකයන් රැවටීමකට ලක්ව ඇතැයිද ඇය පැවසුවාය.

“මෙම තත්ත්වය නිසා අනෙකුත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවද සැකයක් මතුකර තිබෙනවා. තවත් මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු අපට ලැබෙමින්තිබෙනවා ” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories