2025 අගෝස්තු 15 සිකුරාදා, 08:53
නවතම පුවත්

කතරගම බස්නායක නිලමේවරයාට අතුරු තහනම් නියෝගයක්

තිස් වසරක බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට බදු දී ඇති රුහුණු කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 500ක් බදු ගිවිසුම අවසන් වීමට පෙර හෝ එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය රුහුණු කතරගම බස්නායක නිලමේවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැඩිගම ගෘප් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සදුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්විම් සලකා බැලු නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

සිය සේවාදායකයා විසින් වසර 30ක බදු කාලයක් සඳහා ලබා ගත් එම ඉඩම කෘෂිකාර්මික කටයුතු සඳහා තුන්වන පාර්ශ්වයකට බදු දී ඇති බවත්, එම ගනුදෙනුව නිත්‍යානුකුලව සිදු කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

නමුත් රුහුණු කතරගම දේවාලේ බස්නායක නිලමේවරයා අනීතික අන්දමින් මුල් බදු ගිවිසුම අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව ද නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව නුගේගොඩ දිසා අධිකරණය එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories