සීදූව ප්‍රදේශයේ තාවකාලික නේවාසිකාගාරයක නැවැතී සිටි කටුනායක වෙළෙඳ කලාපයේ සේවය කරන කාන්තාවක නිදියහනේදිම ගෙල කපා ඝාතනය කර ඇත .
මෙම ඝාතනය සීදුව, බේස්ලයින් පාරේ, මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ පෙරේදා (04 වැනිදා) දහවල් 01.45 පමණ සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කටුනායක වෙළෙඳ කලාපයේ මෑන් පවර් ආයතන සේවිකාවක් ලෙස කටයුතු කළ සේරංකඩ පලතුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙලෙස ඝාතනය වී තිබේ .
මෙම කාන්තාව මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තම සැමියා සමඟින් මෙම තාවකාලික නවාතැනේ වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන බව මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත .
කාන්තාව නිදියහනේදීම ගෙල කපා ඝාතනය කර ඇති සැමියා අපරාධයෙන් පසු පලාගොස් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සීදුව පොලිසිය සඳහන් කරයි.