කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) කලාපය අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. මෙම අනතුරු ඇඟවීම නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
අරුණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට සහ ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එමනිසා අපි ඉල්ලා සිටිනවා ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස.”
එමෙන්ම, අඩි 300 ට වඩා වැඩි උසකින් සරුංගල් යැවීම සිදු වුවහොත් ඒ සඳහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඔහු අවධාරණය කළේය. ගුවන් ගමන් වල ආරක්ෂාව සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නීති රීති අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.