2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:23
නවතම පුවත්

කටුනායකදී විදේශීය දුම්වැටි තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .

ඔවුන් සියලු දෙනාම ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොග රැගෙන විත් තිබීම ද විශේෂත්වයකි.

ඩුබායි සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ගුවන් මගී කාන්තාවක් සහ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ගුවන් මගී තරුණයෙකු ද සිය ගමන් මලු තුළ සගවා ගෙන ,” ප්ලැටිනම් ” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 68,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 340 ක් රැගෙන විත් තිබුණ අතර 35 හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි ගුවන් මගියෙකු සහ 51 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් විදේශීය නිෂ්පාදිත ” බෙන්සන් ” ,

” ප්ලැටිනම් ” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 33,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 165 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් සිව් දෙනා රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 101,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 505 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories