කටාර් එයාර්වේස් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කර ඇත.
කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමග එම සමාගම ගුවන් ගමන් එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.
එම සමාගම නිවේදනය කරන්නේ, බලපෑමට ලක් වූ ඕනෑම මගියෙකුට සහාය වීම සඳහා අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කර බවයි.
ගුවන් අවකාශය නැවත විවෘත කළ විට මෙහෙයුම් නැවත ආරම්භ කර බව කටාර් එයාර්වේස් සමාගම පවසන්නේ.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කටාර් එයාර්වේස් සමාගමේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.