2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

ඖෂධ වර්ග 38ක් ගෙන්වීමට ඇමති කෙහෙළිය සමාගමකට අවසර දුන්නා- කෝප් කමිටුව හමුවේ සාක්කි දෙයි

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගැයීමකින් තොරව පෞද්ගලික සමාගමකට ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අවසර දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

2022 වසරේදී ‘Savorite’ නමැති පෞද්ගලික සමාගමට ඒ අනුව මෙම ඖෂධ ආනයනයට අවසර දී තිබේ.

එමෙන් ම, මෙම Savorite නමැති පෞද්ගලික සමාගම මෙලෙස ඖෂධ ආනයනය කිරීම සඳහා තෝරා ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ම බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට දන්වා සිටියේ ය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම Savorite නමැති පෞද්ගලික සමාගමක් වෙත ලියාපදිංචි නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බවට කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කළේ ය.

එම ඖෂධ වර්ගවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව හා ප්‍රත්‍යක්ෂ බව (Quality, Safety, efficacy) සඳහා වන වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ බව ත් වෛද්‍ය සැපයුම් අංශයට එය භාර දිය නොහැකි බව ත් පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම අත්හැර දමා ඇති බව කාරක සභා සභාපතිවරයා කීය.

එහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, තමන් සඳහා ලැබුණු අදාළ ඉල්ලීම, විශේෂ ක්‍රමවේදයකට (Special pathway) ඖෂධ ආනයනය කිරීම යටතේ පූර්ව අනුමැතියක් සහිතව ම වීම හේතුවෙන්, නිසි ඇගයීමක් සිදු නොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබා දීමට නොහැකි බැවින් වගකීම භාර නොගත් බව පැවසූහ.

ඒ අනුව, මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මාස 3ක් සඳහා හිඟ ඖෂධ ආනයනය කිරීම සඳහා Savorite නමැති පෞද්ගලික සමාගම තෝරා ගැනීමට උපදෙස් ලබා දීම සිදු කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව කාරක සභාව අනාවරණය කරගත්තේ ය.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා, පෙර ඇණවුම් කරන ලදුව ලැබීමට නියමිතව තිබූ ඖෂධ වර්ග ද, ශුන්‍ය මට්ටමකට ළඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවා දක්වමින් එම ඖෂධ ද ආනයනය කිරීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේ ය.

මේ අනුව, මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශය සකස් කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් කවුද යන්න පිළිබඳව පූර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories