ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව තරගාවලිය පරාජයෙන් බේරීම සඳහා ඔස්ට්‍රේලියාව ලකුණු 282ක ඉලක්කයක් සම්පූර්ණ කරගත යුතුය.
ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස්කළ අතර ඊට අමතරව නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා කළේය.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු විවේකගන්වා අද තරගට කැඳවූ නිශාන් මධුෂ්ක ලකුණු 51ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.