2026 මාර්තු 18 බදාදා, 18:32
නවතම පුවත්

ඕස්ට්‍රේලියාවට කන්ගරුවෝ මරන්න පුළුවන් නම් අපිට රිලව් රට පටවන්න බැරි මොකද? – අමරවීර අහයි

ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් කැන්ගරුවන් මිලියන ගණනක් මෑතකදී ඝාතනය කර ඇත්නම්, ශ්‍රී ලංකාවට සැළකිව යුතු භෝග හානි සිදුකරන හානිකර සතුන් අපනයනය කිරීමේ ක්‍රියාමාර්ග සළකා බැලීම සුදුසු බව හිටපු ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඇතැම් පරිසරවේදීන් විසින් සංවිධාන කරන මාධ්‍ය සංදර්ශන කෙරෙහි අවධානය යොමු නොකර ගොවීන් සහ මහජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බව ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.

“චීනය සමඟ සාකච්ඡා තුනකට පස්සේ ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික සත්වෝද්‍යාන සඳහා අපගේ රිලව් 100,000ක් ඉල්ලා සිටියා. වැඩසටහනට අදාළ ලිපි ලේඛන පවා හුවමාරු වුණා. වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වන විට පරිසර සංවිධාන කිහිපයක් ඊට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළා. ඒ නිසා අපිට වැඩසටහන ඉදිරියට ගෙනියන්න බැරි වුණා,” යැයි හිටපු ඇමැතිවරයා පැවසීය.

“වර්තමාන ජනාධිපතිවරයා චීනයට යෑමට නියමිත නිසා එහිදී ඔහුට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙම සාකච්ඡාව යළි ආරම්භ කළ හැකියි. මෙම සාකච්ඡාවලින් පසුව, රිලවුන් චීනයට සහ වෙනත් රටවලට අපනයනය කළ හැකි නම් එමඟින් වගාවන්ට සිදුවන හානිය අවම කර ගත හැකියි. මෙම පියවර මගින් මෙම සතුන්ගෙන් එල්ල වන උවදුරට පිළිතුරක් ලැබෙන අතරම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කළ හැකියි, ”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

රිලවුන්, වඳුරන්, ඉත්තෑවන්, මොණරුන් සහ දඬු ලේනුන් මෙරට බෝගවලට හානිකර සතුව බවට පත් වී ඇතත්, චීනය වැනි රටවල මෙම සතුන්ට වටිනා කමක් ලැබේ.

“උදාහරණයක් ලෙස දෙහිවල සත්වෝද්‍යානයේදී අපි කැන්ගරුවන් බලන්නේ සතුටෙන් වුණත් ඕස්ට්‍රේලියාවේ ජාතික සත්වයා ලෙස කැන්ගරුවා පිළිගෙන තිබියදීත් ඕස්ට්‍රේලියාව මෑතකදී කැන්ගරුවන් මිලියන ගණනක් මරා දමා තිබෙනවා” යැයි හිටපු ඇමැතිවරයා පැවසීය.

සත්ව උවදුරුවලින් පීඩා විඳින ගොවීන් සිටින ගම්වල කාලය ගත කරන ලෙස හිටපු ඇමැතිවරයා පරිසරවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ගැටලු නොසළකා හැරියහොත් ගොවීන් තම ජීවනෝපාය අතහැර නාගරික ප්‍රදේශවලට ගොස් ත්‍රිරෝද රථ පැදවීම වැනි වැඩකටයුතුවලට යොමු විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories