2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:26
නවතම පුවත්

ඔස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයක

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී අද (29) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර නතර කිරීමට සිදුවිය.

කෙසේ නමුත් ඒ වනවිටත් ප්‍රබල තත්ත්වයක ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.

කඩුල්ලේ රැඳී සිටින උස්මාන් කවජා ලකුණු 147ක් හා නායක ස්ටීවන් ස්මිත් ලකුණු 104ක් රැස්කරගෙන සිටියි.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 195ක සබඳතාවක් ගොඩනගාගෙන සිටින අතර, එය ඔස්ට්‍රේලියානු පිතිකරු යුගලයක් තෙවන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වෙයි.

මීට පෙර එම වාර්තාව ස්මිත් හා මානස් ලැබුෂේන් සතුව තිබූ අතර, ඔවුන් දෙදෙනා 2022 වසරේ ගාල්ලේ පැවති තරගයකදී ලකුණු 134ක සබඳතාවක් පවත්වා තිබුණි.

එමෙන්ම අද තරගයේදී ස්ටීවන් ස්මිත් රැස්කළ ශතකය ඔහු ආසියානු තණතීරුවක නායකයෙකු ලෙස රැස්කළ 5වන ශතකය ලෙසින් වාර්තා අතරට එක්විය.

ඒ අනුව ඔහු සංචාරක කණ්ඩායම නායකයෙකු ලෙස ආසියානු තණතීරුවක වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා අද ඉහළට පැමිණියේය.

ස්මිත් අභිබවා ගියේ බ.ඉ. කොදෙව් හිටපු නායක ක්ලයිව් ලොයිඩ් ශතක 4ක් රැස්කර පිහිටුවා තිබූ වාර්තාවයි.

ආසියාවේදී වැඩිම ශතක රැස්කළ සංචාරක නායක වන්නේ එංගලන්ත හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ය.ඔහු ශතක 6කට හිමිකම් කියයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories